හෝමූස් යළි ඇවිලේ - හොර පාරෙන් ගිය නෞකා දෙදක් ගිනිබත් වේ
By Mithu
අනවසර මාර්ග භාවිත කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඉන්ධන නෞකා දෙකක් ගිනිගැනීමට ලක්ව තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ, අදාළ සමුද්‍ර සන්ධියේ අටවා තිබූ බිම් බෝම්බයක එක් නෞකාවක් ගැටීමෙන් ගින්න හටගෙන ඇති අතර, අනෙක් නෞකාව ජල මාර්ගයේ නැගෙනහිර කොටසින් ඉවතට යාමට උත්සාහ කිරීමේදී මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බවයි.
දෙවන නෞකාවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා සහායට පැමිණි ටග් යාත්‍රාව වෙත ද ගින්න පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.