හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිතට මහාධිකරණයෙන් නියෝගයක් - මේ සියල්ල මාස 3කට ක්‍රියාවිරහිත කරයි
පසුගිය දින අල්ලස් කොමිසම මඟින් තහනමට ගන්නා ලද නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියා විරහිත කරමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසම විසින් සිදු කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව බව සඳහන්.