“ඊජිප්තුවේ කාන්තාවන් මිලියන 80ක් ඉද්දී ඉන්දියානු කාන්තාවක් තෝරාගත්තේ ඇයි?” - අබ්දුල්ගේ මාමා ඇසූ ප්‍රශ්නයට අපූරු පිළිතුරක්!

Report

ඇමරිකානු සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා ලෙස ඉතිහාසයට එක්වූ අබ්දුල් අල්-සයේඩ්ගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ අපූරු සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්ව තිබේ.

ඒ, ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක වන සිය බිරිඳ සමඟ විවාහ වීම සම්බන්ධයෙන් ඊජිප්තුවේ සිටින සිය මාමා කළ හාස්‍යජනක ප්‍රකාශයක් පිළිබඳව ඔහු සිහිපත් කිරීමත් සමඟය. අබ්දුල් අල්-සයේඩ් සඳහන් කරන්නේ තමන් ආචාර්ය සාරා ජුකාකු සමඟ විවාහ වූ අවස්ථාවේ ඊජිප්තුවේ සිට පැමිණි සිය මාමා කෙනෙකු මෙලෙස විමසා සිටි බවයි.

“ඊජිප්තුවේ මිලියන 80ක් ඉන්නවා. ඒත් ඔබ ගිහින් ඉන්දියානු කාන්තාවක් විවාහ කරගත්තාද?” යනුවෙන් මාමා විමසා තිබේ.

එයට තමන් හාස්‍යයෙන් පිළිතුරු දුන් ආකාරය ද අල්-සයේඩ් සිහිපත් කර ඇත. “මාමා, ඉන්දියානුවන් බිලියනයක් ඉන්නවා. ඒ නිසා සංඛ්‍යාලේඛන අනුව බැලුවොත් මෙය සිදුවීමේ ඉඩකඩ වැඩියි” යනුවෙන් තමන් පිළිතුරු දුන් බව ඔහු පවසා තිබේ.

'Fast & Furious' පිස්සුවෙන් ජපානයට ඇදෙන සංචාරකයෝ - 'Tokyo Drift' ලොවම වසඟ කරන මෝටර් රථ සංස්කෘතියක්

'Fast & Furious' පිස්සුවෙන් ජපානයට ඇදෙන සංචාරකයෝ - 'Tokyo Drift' ලොවම වසඟ කරන මෝටර් රථ සංස්කෘතියක්

මෙම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එය මෙම වසරේ අගෝස්තු මාසයේ යූටියුබ් ඔස්සේ පළ කළ ‘Meet The Real Abdul El-Sayed’ නමැති පොඩ්කාස්ට් වැඩසටහනක කොටසකි.

එහිදී ඔහුගේ පවුලේ පසුබිම, ළමා කාලය සහ හැදී වැඩුණු ආකාරය පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. අබ්දුල් අල්-සයේඩ් මිචිගන් ප්‍රාන්තයේ සෙනෙට් මැතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂක මයික් රොජර්ස් පරාජය කරමින් ජයග්‍රහණය කළේය.

ඊජිප්තු සංක්‍රමණිකයන්ගේ පුතෙකු වන ඔහු, ඇමරිකානු සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා බවට පත්විය. අල්-සයේඩ් සහ ආචාර්ය සාරා ජුකාකු අතර විවාහ සම්බන්ධතාව ආරම්භ වී ඇත්තේ ඔහු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය. ඔවුන් 2006 මැයි මාසයේදී විවාහ වී තිබේ.

සාරාගේ පවුල ඉන්දියානු-ඇමරිකානු පවුලක් වන අතර, ඔවුන් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන භට්කල් ප්‍රදේශයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූවෝ වෙති.

අමෙරිකා මැතිවරණ පරාජයෙන් පසු ලෝක බොරතෙල් මිල එකපාරටම කඩාවැටෙයි - WTI සහ Brent මිල 9%කින් පහළට

අමෙරිකා මැතිවරණ පරාජයෙන් පසු ලෝක බොරතෙල් මිල එකපාරටම කඩාවැටෙයි - WTI සහ Brent මිල 9%කින් පහළට

ඇයගේ සීයා වන ජුකාකු ෂම්සුදීන්, එවකට මයිසූර් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වූ බී.ඩී. ජට්ටිගේ පාලන සමයේදී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම භට්කල් ප්‍රදේශයෙන් බිහිවූ පළමු නීතිඥයා ලෙස ද ඔහු සැලකේ. සාරාගේ පියා වන වෛද්‍ය ටයෙබ් ජුකාකු වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන අතර, ඔහු ඇමරිකාවට සංක්‍රමණය වීමට පෙර බැංගලෝරයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා තිබේ.

සිය බිරිඳගේ ඉන්දියානු පවුල සමඟ ඇති සමීප සම්බන්ධතාව පිළිබඳව ද අල්-සයේඩ් මීට පෙර අවස්ථාවක අදහස් දක්වා තිබුණි. වසර 20කට ආසන්න විවාහ ජීවිතයෙන් පසු තමන් අරාබි ජාතිකයෙකුට වඩා ඉන්දියානුවෙකු වී ඇති බවට ඔහු එහිදී විහිළුවක් ද කර තිබේ.

මේ අතර, අල්-සයේඩ්ගේ බිරිඳ සාරා ද ඔවුන්ගේ සම්බන්ධතාව පිළිබඳව හාස්‍යජනක ප්‍රකාශයක් සිදුකර තිබේ. මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඇය පවසා ඇත්තේ “ඔහුට කුමක් කළ යුතුදැයි කිසිවෙකු කියන්නේ නැහැ. ඒත් මම කියන දේ ඔහු අහනවා!” යනුවෙනි. මෙම යුවළට එමාලී සහ සෙරීන් නමින් දියණියන් දෙදෙනෙකු ද සිටිති.

පාසල් වියේදීම අහස ජයගත් සුන්දර තරුණියගේ ජීවිත ගමන අවුරුදු 20දී නිමවෙයි - අවසන් මොහොතේ “Mayday, Mayday” කියමින් උදව් ඉල්ලලා

පාසල් වියේදීම අහස ජයගත් සුන්දර තරුණියගේ ජීවිත ගමන අවුරුදු 20දී නිමවෙයි - අවසන් මොහොතේ “Mayday, Mayday” කියමින් උදව් ඉල්ලලා