මේ සේවාවටත් අලුත් QR කේතයක් - අයදුම් කිරීමට පෙර පරික්ෂා කරන්නැයි දැනුම්දීමක්

Report

වහල මත සූර්ය පැනල වෙනුවෙන් අයදුම් කිරීමට පෙර Transformer Capacity Availability නිවසේ සිට පරික්ෂා කරගැනීමට Electricity Distribution Lanka (pvt) Ltd සමාගම ඔස්සේ දැන් පාරිභෝගිකයාට අවස්ථාව සලසා දී ඇති බව වාර්තා වේ.

මින් පෙර වහල මත සවි කරන සූර්ය පැනල සඳහා අවශ්‍ය වන විදුලි ධාරිතාව නිවස අසලම ඇති ට්‍රාන්ස්ෆෝමරයේ ප්‍රමාණවත් බව හෝ ප්‍රමාණවත් නොවන බව දැනගැනීමට හැකි වූයේ ඒ වෙනුවෙන් අයදුම් පත් යොමු කිරීමෙන් අනතුරුව පමණක් වීම හේතුවෙන් පාරිභෝගිකයා දැඩි අපහසුතාවකට පත් විය.

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

මේ හේතුවෙන් බලශක්ති අමාත්‍යංශයේ උපදෙස් මත ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන Electricity Distribution Lanka (pvt) Ltd සමාගම මඟින් එම අපහසුතාව මඟහරවමින් සමීප ට්‍රාන්ස්ෆෝමරයේ සූර්ය පැනල සවි කිරීමට අවශ්‍ය විදුලි ධාරිතාව ප්‍රමාණවත් බව හෝ ප්‍රමාණවත් නොවන බව මාර්ගගත (Online) ක්‍රමවේදය හරහා පරික්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව සඳහන්.

තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

ඒ අනුව පහත ලින්ක් එක ඔස්සේ සූර්ය පැනල සවි කිරීමට තමන්ට සමීප ට්‍රාන්ස්ෆෝමරයේ ඉතිරි වී ඇති ධාරිතාව පරික්ෂා කර ගත හැකි බව සඳහන්.

https://edlcare.edl.lk/incognito/solar-pv-substation-status