දළදා වදින්න එන්න විශේෂ දුම්රිය දෙකක්

Report

සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ඉහළ යාම හේතුවෙන් නව අතිරේක දුම්රිය කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (19) සිට එළැඹෙන 28 වැනිදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මහනුවර දක්වා දුම්රියක් සෑම දිනකම පස්වරු 07.55ට ‍කොළඹ කොටුවෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 10.27 ළඟා වනවා ඇත.

රුසියා - යුක්‍රේන යුද සටන් විරාමයක්

රුසියා - යුක්‍රේන යුද සටන් විරාමයක්

රඹුක්කනින් පස්වරු 10.40ට යළි පිටත්වන එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමටද නියමිත ව තිබෙනවා.

එමෙන්ම මහනුවර සිට කොළඹ බලා සෑම දිනකම පස්වරු 08.30ට දුම්රියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 09.50ට ළඟා වීමට නියමිතයි.

රඹුක්කනින් පස්වරු 10.35ට යළි කොළඹ බලා පිටත් වීමටද නියමිත අතර එම දුම්රිය කොළඹ කොටුවට දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට නියමිතය.

පාස්කුව හෙටයි...අතුරුගිරියෙන් උණ්ඩ මතු වෙයි...අපරාධයක සැලැස්මක්ද?

පාස්කුව හෙටයි...අතුරුගිරියෙන් උණ්ඩ මතු වෙයි...අපරාධයක සැලැස්මක්ද?