පාස්කුව හෙටයි...අතුරුගිරියෙන් උණ්ඩ මතු වෙයි...අපරාධයක සැලැස්මක්ද?

By Hashini Apr 19, 2025 05:14 PM GMT
Report

 පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවකු සිදුකරන ලද අනාවරණයකින් පසු ටී-පනස්හය ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

එම සැකකරු පසුගිය 12වැනිදා අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්11යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව සැකකරු රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවා තබා ගෙන සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත පෙරේදා (17දා) මෙම ජීව උණ්ඩ සහ තියුණු ආයුධය අතුරුගිරිය, ඔරුවල, ගල්වරුසාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.

25හැවිරිදි සැකකරු අතුරුගිරිය පදිංචි අයකු බව පොලිසිය කියයි.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.  

පාස්කු ඉරිදාව හෙටයි

පාස්කු ඉරිදාව හෙටයි