දුම්රියක් පීලි පනී, මාර්ගයට ද විශාල හානී
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ පීලි පැන ඇත්තේ මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියයි.
කෙසේ වෙතත් මේ නිසා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු දැනටමත් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට සිදුව ඇති බව සඳහන්.
මේ අතර දුම්රිය පිලි පැනීම නිසා දුම්රිය මාර්ගයට ද විශාල ලෙස හානී සිදුව ඇති බව සඳහන්.
