අතටම ගෙනත් දුන්න සැකකරු පැනපු නිසා පොලිසියේ දෙන්නෙක්ට වැඩ තහනම්

Report

පොලිස් භාරයේ සිටි සැකකරුවෙක් පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සැරයන්වරයෙක්ගේ සහ කොස්තාපල්වරයෙක්ගේ මෙසේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

අඳාළ සැකකරු අපරාධ කිහිපයක් පිළිබඳව චෝදනා එල්ල වී සිටි හෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන වෙනුවෙන් රත්නපුර පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව වාර්තා විය.

එහිදී පොලිස් සිර මැදිරියේ සිටි සැකකරු ඊයේ (30) දිනයේ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා තිබෙන අතර සිරමැදිරියේ දොර විවෘත කළ විට පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බව සඳහන්.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

එම සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඉකුත්දා පානදුර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට ද සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

ඒ අනුව සැකකරු පළා යාම පිළිබඳව එම අවස්ථාවේ රත්නපුර මූලස්ථාන පොලීසියේ කාර්යය භාර නිලධාරීවරයාගේ සහ පොලිස් සිරමැදිරිය භාරව සිටි නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බව පවසයි.

මේ අතර පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා ප්‍රකාශ කරයි.

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා