තවත් ජිවිත දෙකක් ජලරකුසට බිලි වේ..

By Piyumika Jul 15, 2024 05:46 AM GMT
Report

හලාවත පොලිස් වසමේ දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ .

මොවුන් ඊයේ (14) සවස දියනෑමට ගොස් තිබුණි. දියේ ගිලිනු එක් අයෙකුගේ ජීවිතය බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කරනුයේ .

ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකියක්..(VIDEO)

ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකියක්..(VIDEO)

මෙලෙස මියගොස් ඇත්තේ වටවන, හැටන් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. මියගිය තරුණයා සිය බිරිඳ සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ දැදුරු ඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙලෙස දියේ ගිලී ඇති බව පොලීසිය පැවසීය .

හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

එමෙන්ම කටුගස්තොට මඩවල මාර්ගයේ මහවැලි ගඟේ නාන තොටුපොළ ආසන්නයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (14) රාත්‍රියේ පොලීසිය විසින් සොයා ගනු ලැබුණි.

කළුකුමාර දිෂ්ඨිය යවලා දරුවෙකුත් දීලා ගිය කට්ටඩියා මාට්ටු..

කළුකුමාර දිෂ්ඨිය යවලා දරුවෙකුත් දීලා ගිය කට්ටඩියා මාට්ටු..

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි හල්ඔය, හඳගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර කටුගස්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.