කළුකුමාර දිෂ්ඨිය යවලා දරුවෙකුත් දීලා ගිය කට්ටඩියා මාට්ටු..
බදුල්ල, ලුණුගල ප්‍රදේශයේ පත්තිනි දේවාලයක පූසාරිවරයෙකු හොප්ටන් ප්‍රදේශයේ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණයට ලක්කර සති පහක ගැබිනියක් කළ බවට සැකපිට ලුණුගල පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නමුණුකුල සී.වී. දෙවන කොටසේ පදිංචි, ලුණු- ගල හොප්ටන් ප්‍රදේශයේ පත්තිනි දේවාලයක පූසාරිවරයෙකු ලෙස කටයුතු කරන 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුය.
මෙහිදී දැරිය දින කිහිපයක සිට නොරිස්සුම් ගතියකින් තරහා යමින් විවිධ දේ දොඩවමින් කෑගසමින් හැසිරීමට පටන් ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් දැරියගේ මිත්තණිය මෙම පූසා- රියා හමුවී ඒ බව පවසා තිබේ .
එම අවස්ථාවේදී මෙම දැරියට කළුකුමාර දිෂ්ටිය වැසී ඇති බවත්, ශාන්තිකර්මයක් මාර්ගයෙන් යන්තරයක් දමා එම කළුකුමාර දිෂ්ටිය ඉවත් කළ යුතු බවත් ඇයට පවසා ඇත .
ඒ අනුව පූසාරිවරයා එම දේවාලයේ ආවතේව කටයුතු සිදුකරන පුද්ගලයෙකු සමග දැරියගේ නිවෙසට පැමිණ කළුකුමාර දිෂ්ටිය පළවා හැරීමට අදාළ ශාන්තිකර්මය අරඹා තිබේ .
එසේ පූසාරිවරයා දැරියට නිවසේ සාලයේ සිට කළුකුමාර දිෂ්ටිය පලවා හැරීමට ශාන්තික- ර්මය සිදුකරන අතරතුරේ අලුයම පූසාරිවරයා දැරියට යන්තරයක් දැමීමට ඇති බව පවසා නිවැසියන්ට නිවසෙන් පිටතට යන ලෙස පවසා නිවසේ දොර වසා දැරියව දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
අනතුරුව ශාන්තිකර්මය නිමවී පූසාරිවරයා ගොස් ඇති අතර, ටික දිනකින් උදරාබාධයක් හේතුවෙන් මිත්තණිය විසින් දැරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ .
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දැරිය පරීක්ෂා කර බලා ඇය ස්ත්‍රි දූෂණයකට ලක්වී සති පහක ගැබිනියක බවට අනාවරණය කිරී- මෙන් අනතුරුව පොලිසිය දැරියගෙන් සිදුකළැ ප්‍රශ්න කිරීම් හමුවේ අදාල පූසාරිවරයා අත්අඩංගුවට ගෙන ඇත .