මාරක අනතුරු දෙකක් - ජීවිත දෙකක් අහිමි වෙයි

Report

දඹුල්ල, වැලිහේන බුලාගල අතුරු මාර්ගයේ වැලිහේන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුර බුලාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් සිදුව ඇති බව සඳහන්.

එසේම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දඹුල්ල පොලිසිය විසින් සිදු කරයි.

උදෑසන 5.30ට නිකුත් කළ දිවයිනටම වලංගු නිවේදනයක් - 2න් පස්සේ රටේ ස්ථාන රැසක වෙන්න යන දේ

උදෑසන 5.30ට නිකුත් කළ දිවයිනටම වලංගු නිවේදනයක් - 2න් පස්සේ රටේ ස්ථාන රැසක වෙන්න යන දේ

මේ අතර ගාල්ල උඩුගම මාර්ගයේ ගල්ගොඩදෙණිය හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පවසයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 27ක් වූ උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

එමෙන්ම අක්මීමණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

වාර්තා වූ දරුණුම භූමිකම්පාවෙන් කොලොම්බියාව සොහොන් පිටියක් වෙයි - 111ක් මරු කටට යද්දි සුනාමියක් එනවද නැද්ද කියලත් දැනුම්දෙයි

වාර්තා වූ දරුණුම භූමිකම්පාවෙන් කොලොම්බියාව සොහොන් පිටියක් වෙයි - 111ක් මරු කටට යද්දි සුනාමියක් එනවද නැද්ද කියලත් දැනුම්දෙයි

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්