උදෑසන 5.30ට නිකුත් කළ දිවයිනටම වලංගු නිවේදනයක් - 2න් පස්සේ රටේ ස්ථාන රැසක වෙන්න යන දේ
2026 අගෝස්තු මස 11 දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි.
එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
එමෙන්ම උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.