දරුවෙක් ආසන පටි පළදින්න බෑ කියපු නිසා සම්පූර්ණ ගුවන් ගමනක් අවලංගු වෙයි - ලෝකෙම කතා වුණු සිද්ධියෙන් ගුවන් ගමන් නීති වෙනස් වෙයිද?
කැනඩාවේ දරුවෙකු ආසන පටි පැළඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගුවන් ගමනක් අවලංගු කිරීමත් සමඟ ගුවන් යානාවල ගමන් කරන ළමුන් සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ ආරක්ෂක ක්‍රියා පටිපාටි පිළිබඳ විවාදයක් යළි මතුව ඇත.
ඉකුත් අගෝස්තු 6 වන දින වික්ටෝරියා සිට ටොරොන්ටෝ දක්වා පිටත් වීමට සූදානම් වෙමින් තිබූ පෝටර් එයාර්ලයින්ස් ගුවන් යානයේ "කුඩා දරුවෙකු තම අසුනේ සිටගෙන සිටි අතර ඔවුන්ගේ ආසන පටිය සවි කිරීමට අපොහොසත් වීම" හේතුවෙන් නැවත පර්යන්තයට පැමිණීමට සිදු වූ බව ගුවන් සමාගම සඳහන් කරයි.
ඇති වූ ප්‍රමාදය හේතුවෙන් මධ්‍යම රාත්‍රියෙන් පසු ධාවන පථය වැසෙන තුරු ගුවන් යානයට පිටත් වීමට නොහැකි වී තිබෙනවා.
වාර්තා වූ දරුණුම භූමිකම්පාවෙන් කොලොම්බියාව සොහොන් පිටියක් වෙයි - 111ක් මරු කටට යද්දි සුනාමියක් එනවද නැද්ද කියලත් දැනුම්දෙයි
එබැවින් පසුදා ගුවන් යානයකට නැවත ආසන වෙන්කරවා ගැනීමට මගීන්ට සිදුව ඇත. එම සිදුවීම නිසා එවැනි අවස්ථාවන්හිදී දරුවන්ට සැලකිය යුතු ආකාරය සහ ගුවන් සමාගම් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව ද යම් මතභේද ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් දරුවාගේ හැසිරීම සම්බන්ධයෙන් පෝටර් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට දෙමව්පියා සහ කාර්ය මණ්ඩලය ගත් උත්සාහයන් අසාර්ථක වූ බවත්, මෙම අනාරක්ෂිත තත්ත්වය යටතේ ගුවන් යානය ගුවන්ගත කිරීමට නොහැකි වූ නිසා, කාර්ය මණ්ඩලය නැවත පර්යන්තය වෙත ගොස් මගීන් දෙදෙනා බැසීමට තීරණය කළ බවත් ය.
එමෙන්ම ළමා ගුවන් සේවා ආරක්ෂණ විශේෂඥ ලියා ටුසෝ පවසා තිබුණේ, ගුවන් ගමන නැවැත්වීමට ගත් තීරණය සමඟ පෝටර් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ සිටි මගීන්ගේ මෙන්ම දරුවාගේද ආරක්ෂාව ආරක්ෂා කරන බවයි.