ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව Google Photos වෙත Backup කිරීම අද සිට නවතියි

Report

Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව Google Photos වෙත Backup කිරීමේ පහසුකම අද (10) දින සිට ක්‍රියාත්මක නොවන බව Google සමාගම නිල වශයෙන් නිවේදනය කරයි.

තොරතුරු Backup කිරීමේ මෙවලම් භාවිතය පරිශීලකයින්ට වඩාත් සරල කිරීම සහ Google Photos ඇප් එක හරහාම සෘජුවම ඡායාරූප කළමනාකරණය කිරීමට අවස්ථාව ලබාදීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.

හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුන් මරණ දඩුවමට කාදිනල් හිමිගේ විරෝධය

හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුන් මරණ දඩුවමට කාදිනල් හිමිගේ විරෝධය

ඒ අනුව, අද සිට Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා පරිගණකයේ ඇති Folders, Google Photos වෙත ස්වයංක්‍රීයව එක්වීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, අද දිනයට පෙර Google Photos වෙත Backup කරන ලද කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඉවත් නොවන අතර ඒවා Google Photos ගිණුම තුළ සුරක්ෂිතව පවතින බව ද එම සමාගම සහතික කරයි.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

එමෙන්ම Google Drive හෝ Google Photos සේවාවන් මෙයින් වැසී නොයන අතර, Google Drive මඟින් පරිගණකයේ සාමාන්‍ය ගොනු Sync කිරීම පෙර පරිදිම බාධාවකින් තොරව සිදු කළ හැකිය.

මෙහිදී සිදු වන්නේ Drive මෘදුකාංගය හරහා Photos වෙත තිබූ ස්වයංක්‍රීය සබඳතාවය වෙනස් වීම පමණි. Google Drive ඇප් එක වෙනුවට සෘජුවම Google Photos වෙබ් අඩවිය හරහා ඡායාරූප Backup කිරීම සඳහා Google සමාගම විකල්ප කිහිපයක් හඳුන්වා දී තිබේ.

පරිශීලකයින්ට Google Photos වෙබ් අඩවියට පිවිස, එහි ඇති "+" ලකුණ ක්ලික් කර "Back up folders" යන්න තෝරා ගැනීමෙන් පරිගණකයේ ඇති අවශ්‍ය Folders ඉදිරියටත් Backup කිරීමට තෝරාගත හැකිය.

ඊට අමතරව Google Drive හි දැනටමත් තැන්පත් කර ඇති ඡායාරූප සෘජුවම Google Photos වෙත Import කරගැනීමේ පහසුකම ද භාවිත කළ හැකිය.

ජංගම දුරකථන හරහා Google Photos ඇප් එක භාවිතයෙන් ඡායාරූප ස්වයංක්‍රීයව Backup කරන සාමාන්‍ය පරිශීලකයන්ට මෙම වෙනසෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බව ද Google සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.