ආයේ මේ වරද කරතොත් එල්ලා මැරීමට නියෝග? - විශේෂ තීරණයක් ගැනීමට පොලිසියේ අවදානය

Report

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමේ හැකියාව සහ ඒ හා සම්බන්ධ නීතිමය පියවර කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය යොමුව තිබේ.

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) විශේෂ රැස්වීමකට එක් විය.

උසස් පෙළ සිසුන්ට නිවේදනයක් - කාලගුණයෙන් බාධාවක් සිදු වුවහොත් අමතන්න

උසස් පෙළ සිසුන්ට නිවේදනයක් - කාලගුණයෙන් බාධාවක් සිදු වුවහොත් අමතන්න

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයටම බරපතළ තර්ජනයක් එල්ල කරමින් පවතින බවත්, එම තත්ත්වය දිනෙන් දින වර්ධනය වීම වැළැක්වීම උදෙසාත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන අපරාධ සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත නීතිවිරෝධී ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය සංස්කෘතිය සහ පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, රටේ සංචාරක කර්මාන්තයට මෙන්ම සමාජ ආචාරධර්ම පද්ධතියට ද විශාල බාධාවක්ව පවතින බව පෙන්වා දී ඇත.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

එබැවින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳව බියක් ඇති වන ආකාරයේ දැඩි හා තදබල නීතිරීති රාමුවක් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාව ද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධාරණය කෙරිණි.