ඇල්ල සංචාරකයන්ගෙන් පිරී යයි - රටේම ආදායම ඉහලට
By Ashfa
විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති අතර සංචාරක කලාප විදෙස් සංචාරකයන්ගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.
ඇල්ල සංචාරක කලාපයේ ආකර්ෂණය දිනා ගන්නා අතර කඳුකරයේ සංචාරක ආකර්ෂණයෙන් යුත් ස්ථානවලට විදෙස් සංචාරකයන් බහුලව පැමිණෙන ආකාරය දැකගත හැකි අතර ආරුක්කු නවයේ පාලම නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් මාධ්‍ය වාර්තා කරයි.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියද මෙම ස්ථානයෙන් ධාවනය වන නිසා බොහෝ සංචාරකයන් පාලම මගින් දුම්රිය ගමන් කරයි.