මහර බන්ධනාගාරයේ ගැටුම කිසියම් පාර්ශ්වයක සැලසුමක්ද? ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට [VIDEO]

Report

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබවික්‍රම පවසා ඇත්තේ ඊයේ(01) මහර බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම කිසියම් පාර්ශ්වයක සැලසුමකට අනුව සිදු වූ දෙයක් බවට තරයේ විශ්වාස කරන බවයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (02) පස්වරුවේ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබවික්‍රම වැඩිදුරටත් පවසා සිටියේ රජය අපහසුතාවයට පත් කිරීම මෙහි අරමුණ බවට සැකයක් පවතින බවයි.

බන්ධනාගාරයෙන් වෙඩි හඬ? පොලිස් නිලධාරින් වෙත ගල් ප්‍රහාර - ඥාතීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සාහයක

බන්ධනාගාරයෙන් වෙඩි හඬ? පොලිස් නිලධාරින් වෙත ගල් ප්‍රහාර - ඥාතීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සාහයක

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායම සැලසුමකට අනුව මෙය සිද්ධ වෙන දෙයක් බවට පැහැදිලි වන බවයි.

මේ අතර බන්ධනාගාරයට දැඩි අලාභ හානියක් සිදුව ඇති බවත් එහි රැඳවියන් රදවා තැබීමට සුදුසු වටපිටාවක් නොමැති බවත්, ඒ හේතුවෙන් බන්ධනගාර නිලධරීන් විසින් රැඳවියන්ව වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමට කටයුතු කරන බවත් බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැමිණි විධායක අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

අදාළ දර්ශන පහතින්,