ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊජිප්තු තානාපති හමුවෙයි
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කර නික්ම යාමට සූදානම් වන ඊජිප්තු ජනරජයේ තානාපති, අතිගරු අදෙල් ඉබ්‍රාහිම් මහතාට සිය ස්තූතිය පළ කරමින් ඔහුගේ ගිණුමේ පහත සටහන් එක්කර ඇත.
"ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කර නික්ම යාමට සූදානම් වන ඊජිප්තු ජනරජයේ තානාපති, අතිගරු අදෙල් ඉබ්‍රාහිම් (H.E. Mr. Adel Ibrahim) මහතා පිළිගැනීමට ලැබීම සතුටක් විය. ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට තානාපතිතුමන් දැක්වූ දායකත්වය පිළිබඳ අප රජයේ ප්‍රසාදය සහ කෘතවේදීත්වය පළ කළෙමි. තානාපතිවරයාගේ අනාගත කටයුතු සාර්ථක වීම සඳහා සුභාශිංසන පිරිනැමුවෙමි."
It was a pleasure to receive H.E. Mr. Adel Ibrahim, the Ambassador of the Arab Republic of Egypt to Sri Lanka as he prepares his departure from Sri Lanka at the end of his tenure. I expressed my sincere appreciation for the Ambassador’s contributions to further strengthening the… pic.twitter.com/CS2TIH4IV8
— Vijitha Herath (@HMVijithaHerath) August 10, 2026