මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - ගෙවුණු දින 6ට සංචාරකයින් 42,810ක්

Report

2026 අගෝස්තු මාසයේ මුල් දින 06 තුළ පමණක් ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින් 42,810 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ප්‍රකාශ කරයි.

එම අධිකාරිය මඟින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන දත්තවලට අනුව, අදාළ කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 7,827 කි.

හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුන් මරණ දඩුවමට කාදිනල් හිමිගේ විරෝධය

හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුන් මරණ දඩුවමට කාදිනල් හිමිගේ විරෝධය

එය අගෝස්තු මුල් දින 6 තුළ පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාවෙන් 18% ක ප්‍රතිශතයකි. ඊට අමතරව, එම දින 06 තුළ එක්සත් රාජධානියෙන් 4,922 ක්, ප්‍රංශයෙන් 3,908 ක් සහ චීනයෙන් 3,031 ක් වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

මේ අතර, 2026 ජනවාරි 01 වනදා සිට අගෝස්තු 06 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,386,228 (මිලියන 1.38 කට අධික) දක්වා ඉහළ ගොස් ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මහ පොළව දෙදරයි - රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 20ක් මරුට

මහ පොළව දෙදරයි - රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 20ක් මරුට

මෙම සමස්ත පැමිණීම් අතරින් ද වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් (346,057) වන අතර, දෙවනුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් (135,323) වේ.