දිග ලස්සන කොණ්ඩයක් එක්ක ඉටි පිළිමයක් වගේ ලස්සන වෙන්න ඕනේ නම් අනිවාරෙන් කියවන්න - ස්භාවික මැජික් එකක්

Report

පෙනුමට ඉන්න කවුරුත් කැමතියිනේ. ඉතින් කොණ්ඩේ සහ සම කියන දේ ඒ පෙනුමට කොච්චර බලපානවද කියලා උදේ හවා අපි ඒ වෙනුවෙන් කරන සත්කාරවලින් වගේම ඒ වෙනුවෙන් කරන වියදම්වලිනුත් කොයි කාටත් තේරෙන බව රහසක් නෙවේ.

හැබැයි ඉතින් ලස්සනට ඉන්න කැමති ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ කියන්න යන්නේ. සොබාදර්මයෙන් ම අපිට ලැබුණු ස්වභාවික තෙල් වර්ග 10ක්. හිස කෙස් ගැලවෙන එක නතර කරලා, සමේ තියෙන ලප කැළැල් ඉවත් කරන්න පුළුවන් ස්වභාවික තෙල් වර්ග 10ක්.

1. කළුදුරු තෙල්

කළුදුරු තෙල් කියන්නේ ඇඟ ඇතුළේ තියෙන විසබීජ නසන්න පුළුවන් හරිම බලවත් තෙල් වර්ගයක්. විශේෂයෙන්ම ඔයා පීඩා විඳින කුරුලෑ ප්‍රශ්නයට මේක දිව්‍ය ඔසුවක්. පර්යේෂණවලට අනුව මාස දෙකක් විතර මේක පාවිච්චි කළොත් කුරුලෑ සියයට 78කින් විතර අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තුවාල ඉක්මනින් සුව කරන්නත්, කොණ්ඩයේ ඝනකම වැඩි කරන්නත් මේකේ තියෙන තයිමොක්විනෝන් (Thymoquinone) කියන සංයෝගය උදව් වෙනවා.

2. රෝස්මරී තෙල්

රෝස්මරී කියන්නේ නිකම්ම සුවඳ තෙල් වර්ගයක් නෙවෙයි. මේකෙන් හිස්කබලේ ලේ ගමනාගමනය වැඩි කරලා කොණ්ඩය වැවෙන එක වේගවත් කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ තෙල් සුවඳ ආග්‍රහණය කළොත් ඔයාගේ මතක ශක්තිය සහ අවධානය වැඩි වෙනවා කියලා පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.

3. එඬරු තෙල්

එඬරු තෙල්වල තියෙන රයිසිනොලෙයික් අම්ලය නිසා කොණ්ඩයේ අග පැලෙන එක නතර කරලා, මුල් ශක්තිමත් කරනවා. හැබැයි මේක ටිකක් උකු තෙල් වර්ගයක් නිසා පොල් තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් එක්ක මිශ්‍ර කරලා පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු.

4. භෘංගමාලකාදී තෙල්

මේක පාරම්පරික ආයුර්වේද තෙල් වර්ගයක්. භෘංගරාජ්, නෙල්ලි සහ එළකිරි මිශ්‍ර කරලා හදන මේ තෙල් එක කොණ්ඩය සුදු වෙන එක නතර කරන්නත්, හිසේ කැක්කුම අඩු කරලා ඇස් වලට සිසිලසක් දෙන්නත් පාවිච්චි කරනවා. රෑට මේක ගාලා ඔළුව මසාජ් කළොත් සුවදායක නින්දක් ලබාගන්නත් පුළුවන්.

5. ආගන් ඔයිල්

Liquid Gold විදිහට හඳුන්වන ආගන් ඔයිල්, කොණ්ඩයේ පවතින රළු බව නැති කරලා ලස්සන දීප්තියක් ලබා දෙන්න උපකාරී වෙනවා. මේකේ විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක පිරිලා තියෙන නිසා සමේ රැළි වැටීම අඩු කරලා තරුණ පෙනුම රැක දෙනවා.

6. නීල්‍යාදී තෙල්

හිස්හොරි නිසා ඔයා පීඩා විඳිනවා නම් නීල්‍යාදී තෙල් කියන්නේ අනිවාර්යයෙන්ම පාවිච්චි කළ යුතු දෙයක්. නිල් අවරිය සහ භෘංගරාජ් අඩංගු මේ තෙල් එක හිස්කබල සිසිල් කරනවා වගේම, හිස්හොරි නිසා ඇතිවෙන කැසීම සහ කොණ්ඩය ගැලවී යාම ක්ෂණිකව පාලනය කරනවා.

දිග ලස්සන කොණ්ඩයක් එක්ක ඉටි පිළිමයක් වගේ ලස්සන වෙන්න ඕනේ නම් අනිවාරෙන් කියවන්න - ස්භාවික මැජික් එකක් | 10 Natural Oils For Hair And Skin

7. රතු ලූනු තෙල්

කොණ්ඩය වැවෙන්න සල්ෆර් හරිම වැදගත්. රතු ලූනු තෙල් වල සල්ෆර් බහුලව තියෙන නිසා කොලජන් නිෂ්පාදනය වැඩි කරලා කෙස් ගස් ශක්තිමත් කරනවා. කොණ්ඩය තුනී වීම පාලනය කරලා ඝනකමට වවන්න මේක හරිම ප්‍රසිද්ධයි.

8. ජොජෝබා තෙල්

ජොජෝබා තෙල් වල තියෙන විශේෂත්වය තමයි අපේ සමෙන් නිපදවන ස්වභාවික තෙල් (Sebum) වලට මේක ගොඩක් සමාන වීම. ඒ නිසා තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් සමේ තෙල් ගතිය සමබර කරලා සිනිඳු බවක් ලබා දෙනවා.

9. ටී ට්‍රී ඔයිල්

ඔයාට තියෙන්නේ කුරුලෑ සහ සමේ ආසාදන පිරුණු සමක් නම්, ටී ට්‍රී ඔයිල් තමයි ඔයාගේ හොඳම යාළුවා. මේකේ තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණය නිසා කුරුලෑ වල ඉදිමීම සහ රතු වීම ඉක්මනින් අඩු කරනවා. ඒ වගේම කකුල් වල ඇතිවෙන දිලීර ආසාදන වලටත් මේක හොඳ විසඳුමක්.

10. ස්වීට් ආමන්ඩ් ඔයිල්

ඇස් වටා තියෙන කළු වීම් සහ සමේ තියෙන කැළැල් අයින් කරන්න ආමන්ඩ් ඔයිල් වලට පුළුවන්. විටමින් A සහ E බහුල නිසා මේක හොඳ මොයිස්චරයිසර් එකක් විදිහට වැඩ කරනවා. දිනපතා රෑට මේකෙන් මසාජ් කළොත් සමට පියකරු පැහැපත් බවක් ලැබෙනවා.

ඒ වගේම ඕනෑම අත්‍යවශ්‍ය තෙල් වර්ගයක් කෙලින්ම සමේ ගාන්නේ නැතුව, පොල් තෙල් හෝ ආමන්ඩ් තෙල් වගේ Carrier Oil එකක් එක්ක මිශ්‍ර කරලා පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. රූපය වෙනුවෙන් දවස ගාණේ මහන්සි වෙන ඔයාගේ පෙනුම තව ටිකක් ලස්සන කරගන්න මේ මැජික් තෙල් දීලා තියෙන්නේ සොබාදහම කියන එකත් අමතක කරන්න එපා. 

ධනාත්මක චින්තනයෙන් ඔබේ ජීවිතය වෙනස් කළ හැකි සරල ක්‍රම 4ක් මෙන්න

ධනාත්මක චින්තනයෙන් ඔබේ ජීවිතය වෙනස් කළ හැකි සරල ක්‍රම 4ක් මෙන්න

දිග ලස්සන කොණ්ඩයක් එක්ක ඉටි පිළිමයක් වගේ ලස්සන වෙන්න ඕනේ නම් අනිවාරෙන් කියවන්න - ස්භාවික මැජික් එකක් | 10 Natural Oils For Hair And Skin