ජේලර්වරයාගේ කාර්යාලය ගිනි තියයි - විශාල පිපිරීමක් හා වෙඩි හඬ ඇසුණු බව තොරතුරු [VIDEO]

Report

මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ බන්ධනාගාරයේ අඩි 15ක් පමණ උස තහඩුවක් කඩා එළියට පැමිණිමට රැදවියන් පිරිසක් උත්සහ කිරීම මෙම නොසන්සුන්තාවයට හේතුව බවයි.

මීට අමතරව එම බන්ධනාගාරය තුළ සුලු ගිනි ගැනීම් කිහිපයක්ද වාර්තා වූ බව මාධය පවසන අතර බන්ධනාගාරයෙන් දුමක්ද නැගුණු බව ප්‍රදේශවාසීන් පවසා ඇත. එහි තත්ත්වය සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිසිය වාර්තා කරයි.

බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවද වාර්තා වේ. එමෙන්ම වෙඩි ශබ්ද කිහිපයක් ප්‍රදේශවාසීන්ට ඇසුණු බවත් එතුල පිරිස් ඒ මේ අත දිවීම පුද්ගලයන් දුටු බවත් මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ මත්ද්‍රවය සම්බන්ධ පිරිසක් හේතුවෙන් මෙම ගැටලුව පැන නැගුනු බවයි. නමුත් ඇතැම් පිරිස් පවසා ඇත්තේ බන්ධනාගාරය තුල ඇති තදබදය හා පීඩනය පිටවන අවස්ථාවක් බවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කරමින් සිටින බවත් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට හා විනය අංශයට ගිනි තබා ඇති අතර ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

අද පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් මහර බන්ධනාගාරයට පැමිණියද ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර හිමිව නොමැත. ඒ අනුව ඥාතීන් මේ වන විට මහර බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින බවද සඳහන් වේ.

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්