පත්වීමක් හදලා දෙන්න රුපියල් 50,000ක අල්ලසක් ගත් සුළු සේවකයින් මාට්ටු

Report

වැඩ තහනමකට ලක්ව ඇති පුද්ගලයෙකුට සෞඛ්‍ය කාරක සහයක තනතුරට අදාල පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් ලවා නැවත සකස් කර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 50,000ක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුකර තිබේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කොළඹ ජාතික රෝහලේ සුළු සේවා පාලක වැඩ බලන නිලධාරියෙකු සහ එම අංශයේ කාර්ය සහායකවරයෙකු ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද(13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් නියෝග කර තිබේ.

සිද්ධියට අදාල සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අද දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරේය.

පැවැත්වීමට නියමිත ගුරු විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත්වීමට නියමිත ගුරු විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ සුළු සේවා පාලක වැඩ බලන වශයෙන් කටයුතු කළ දිසානායක මුදියන්සේලාගේ රංජිත් සුමේධ සහ එම රෝහලේ සුළු සේවා පාලන අංශයේ සෞඛ්‍ය කාර්ය සහායක වශයෙන් කටයුතු කරන ලද මලින්ද බන්දුජීව නමැති පුද්ගලයන් වේ.

ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටින අජිත් සුරංග කළුආරච්චි නමැති තැනැත්තා විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියහ.

වැඩ තහනමකට ලක්ව ඇති පුද්ගලයෙකුට සෞඛ්‍ය කාරක සහයක තනතුරට අදාල පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් ලවා නැවත සකස් කර දීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවත් මින් පෙර පනස්දහක මුදලක් චෙක්පතක් මගින් ලබාදී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

සියලුම රජයේ පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

සියලුම රජයේ පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

දෙවැනි අවස්ථාවේදී ඉතුරු පනස්දහක මුදල ලබා ගන්නා විට උපාය දූතයෙකු මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කළේය.