ආයෝජකයන් පස්ස ගහන නිසා විදුලි ව්‍යාපෘති 2ක් කොට උඩ
විදුලි ව්‍යාපෘති දෙකක් ආයෝජනය කිරීමට සුදුසු ආයෝජකයන් නොමැත වීම නිසා අභාවයට යන තත්ත්වයක් උදාවී ඇත.
ඒ අනුව සහධනවි හා රිවිධනවි විදුලි බලාගාර ව්‍යාපෘති බාර එල්. ටී.එල්. සමූහයේ කොටස් 597,267,000 ක් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ රුපියල් කෝටි 800 ක මුදලක් යෙදවීමෙන් එම සමාගමේ පාලනය රජය සතු වන හෙයින් පෞද්ගලික ආයෝජකයන් එම සමාගමේ කොටස්වල ආයෝජනය කිරීමෙන් වැළකෙනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරට කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ විශාලතම මුලික මහජන කොටස් නිකුතුව ලෙස සැලකුණු එල් ටී.එල්. සමාගමේ මූලික කොටස් නිකුතුවෙන් අපේක්ෂා කළ මුදල ලබාගත නොහැකි වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.