වෙඩි තබා කප්පම් ඉල්ලු දෙදෙනෙක් අත්අඩංගුවට....

Police spokesman Sri Lanka Drugs
By Hashini Nov 11, 2023 04:39 AM GMT
Hashini

Hashini

Report

වලස්මුල්ල ප්‍රදේශයේදී ලොරි රථයකට වෙඩි තැබූ සහ කප්පම් මුදල් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 4 වනදා සැකකරුවන් ලොරි රථයකට වෙඩි තබා මෙම කප්පම් මුදල් ඉල්ලා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ.

ඊයේ (10) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් දෙදෙනා හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 450ක් සමඟ අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් දෙදෙනා මිද්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 34 සහ 35 යන වයස්වල පසුවන්නන් වනවා. 

ReeCha