අයිස් විකුණූ මුදල්ද සමග දෙදෙනකු අත්අඩංගුවට ..

By Piyumika Aug 15, 2024 07:37 AM GMT
Report

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීම් දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන ඇත .

ප්‍රදේශ දෙකකින් මාරක අනතුරු දෙකක්..

ප්‍රදේශ දෙකකින් මාරක අනතුරු දෙකක්..

වැටලීමේ දී සැකකරුවන් දෙදනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 720ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් බවට සැකකරෙන මුදලින් රුපියල් 98,700/-ක්ද එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හමුවී තිබුණි.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරක සංඛ්‍යාවේ වර්ධනයක් ..

මෙරටට පැමිණෙන විදෙස් සංචාරක සංඛ්‍යාවේ වර්ධනයක් ..

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 53 යන වයස්වල පසුවන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය .

මේ සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.