ප්‍රදේශ දෙකකින් මාරක අනතුරු දෙකක්..

By Piyumika Aug 15, 2024 04:58 AM GMT
Report

ඊයේ (14) සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා විය.

මාතලේ පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ සින්නකට්ටි කෝවිල අසලින් ඇති අතුරු මාර්ගයක ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ කළුදෑවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මයෝසීන යුගයට අයත් වඳ වී ගිය සත්ත්ව පොසිල සාධක හමු වූ අරුවක්කාලු ගැන කැබිනට් තීරණය ..

මයෝසීන යුගයට අයත් වඳ වී ගිය සත්ත්ව පොසිල සාධක හමු වූ අරුවක්කාලු ගැන කැබිනට් තීරණය ..

මේ අතර මඩු පොලිස් වසමේ පූමලන්දාන් මඩු මාර්ගයේ පූමලාන්දාන් හන්දිය ප්‍රදේශයේදී මඩු හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මාර්ගය මතට වැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මුරුක්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 47ක් වූ සෝදිනගර්, පූමලන්දාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.