බොරැල්ල වෙඩි තැබීමට අධාර අනුබල දුන් දෙන්නෙක් අත්අඩංගුවට
Sri Lanka Police
Crime
Law and Order
Latest Headlines
Sinhala news
By Shehan
බොරැල්ල කාදර්නානා වත්ත ප්‍රදේශයේදී ඉකුත් 22 වැනිදා සිදුවූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, අදාළ වෙඩි තැබීම සඳහා පැමිණි බවට සැක යතුරුපැදියක්ද බොරැල්ල පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.