කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි

Mahindananda Aluthgamage Nalin Fernando Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 25, 2025 06:57 AM GMT
Shehan

Shehan

Report

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ චෝදනාවලට වරදකරු වී බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නලින් ප්‍රනාන්දු මහතා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනාවලට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්, සැප්තැම්බර් මස 23 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කළේය.

මෙම ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් අද කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලනු ලැබූ අතර, එහිදී අධිකරණය විසින් ගත් තීරණයන් මෙම නීතිමය ක්‍රියාවලියේ ඉදිරි පියවරයන්ට බලපෑම් කිරීමට නියමිතය.

සිරදඬුවම් ලැබු හිටපු උතුරු මැද ප්‍රධාන ඇමැතිගේ ඇප ඉල්ලීම කල්යයි

සිරදඬුවම් ලැබු හිටපු උතුරු මැද ප්‍රධාන ඇමැතිගේ ඇප ඉල්ලීම කල්යයි

මෙම ඇප ඉල්ලීම් අද මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තියේ නීතිඥවරුන් විසින් ඔවුන්ගේ ඉල්ලීම්වල කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලදී.

වගඋත්තරකාර පාර්ශ්වය වන අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වලට අදාළ නොතීසි තමන්ට තවමත් ලැබී නොමැති බවයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

මෙම කරුණු සලකා බලමින් විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වමින් අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කරන ලදී.

අදාල චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටින තමන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති නිසා එහි අවසන් තීන්දුවක් ලැබෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

මහින්දගේ අත්අඩංගුව ගැන ආරක්ෂක ඇමති කට අරී

මහින්දගේ අත්අඩංගුව ගැන ආරක්ෂක ඇමති කට අරී

රනිල්ට සහාය පළ කරමින් හෙට කොළඹදී විරෝධතාවක්

රනිල්ට සහාය පළ කරමින් හෙට කොළඹදී විරෝධතාවක්