රනිල් තාම දැඩි සත්කාර ඒකකයේ - හෙට උසාවියට එන්නත් බැරි වෙයිලු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා අගෝස්තු මස 26 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබුණද එදිනට ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි වේ යැයි සෞඛ්‍ය නිලධාරීන් පවසන බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා විජලනයට ලක්ව හෘද ස්පන්දන වේගය ඉහළ යාම හේතුවෙන් මේ වනවිට ඉදිරි දින තුන තුළ ඖෂධ ලබා ගනිමින් විවේක ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති අතර තවමත් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
වැඩිදුරටත් අනාවරණය වන ආකාරයට වෛද්‍ය පරීක්ෂණ මගින් වකුගඩු පරාමිතීන් ඉහළ ගොස් හිසරදය වැනි රෝග ලක්ෂණ මතුව ඇති බව වාර්තා වේ.රෝහලෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ “දැනට රෝග ලක්ෂණ එතරම් බරපතළ නොවුණත්, සංකූලතා ඇති වුවහොත් ඔහුගේ තත්ත්වය තීරණාත්මක විය හැකියි.
නිසි ප්‍රතිකාර කිරීමෙන් ඔහු සුවය ලැබිය හැකි නමුත්, ඉදිරි දින තුන සඳහා ඔහුට විවේකය සහ ඖෂධ අවශ්‍යයි” ලෙසය.