ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට - නකල්ස්වලට දැරියන් අරන් ගිහින් වාහනය තුළ දීම අපයෝජනය කරලා?
පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බවට සැකපිට ලග්ගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අද (29) දින සැකපිට අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය වාර්තා කරයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් උපකාරක ගුරුවරයා මාතලේ නකල්ස් පරිසර පද්ධතියට දැරියන් රැගෙන ගොස් සිය වාහනය තුළ දී අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු රැසක් හෙළි වී ඇතැයි ලග්ගල පොලීසිය ප්‍රකාශ කරයි.
එමෙන්ම මීට දින කිහිපයකට පෙර උපකාරක පන්තියේ දැරියකගේ පියෙකු විසින් අඳාළ උපකාරක පන්ති ගුරුවරයාට පහර දුන් බවට ද පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ රෝගය කියලා සැක නම් වහාම වාර්තා කරන්න පැතිරීම වළක්වන්න ඇති එකම මඟ එන්නත - සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
අඳාළ පැමිණිල්ලෙන් පසු එම දැරිය කැඳවා දැරියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී සිදුවී ඇති බොහෝ දේ හෙළිදරව් වී ඇත.
ඒ අනුව ලග්ගල, බකමූණ, නාවුල ප්‍රදේශවල ඉතා ප්‍රසිද්ධියක් උසුලන මෙම උපකාරක පන්ති ගුරුවරයා තම උපකාරක පංතියට පැමිණෙන සිසු සිසුවියන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීමට අවස්ථාව සලසා දීම මෙන්ම ගුරුවරයාද දැරියන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.