උඩ පැන්න ට්‍රම්ප්ට නියම පාඩමක් - සියල්ල හකුලාගනී
ග්‍රීන්ලන්තය සම්බන්ධ සිය සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපානු රටවලට තීරුබදු පැනවීමේ සැලසුම් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හකුලාගෙන ඇති බව තොරතුරු වාර්තා වේ.
ඒ අනුව යුරෝපීය රටවල් කිහිපයකට නව දණ්ඩනීය තීරුබදු පැනවීමේ තර්ජනය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ඉල්ලා අස්කර ගෙන තිබේ.
මෙම ආපසු හැරීම ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ රැස්වීමකින් පසුව සිදු වූ අතර එහිදී ඔහු නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ ග්‍රීන්ලන්තයේ තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් "අනාගත ගිවිසුමක රාමුවකට" එළඹියේය.