සාකච්චා ප්‍රමාද කරාට මිල ගෙවන්න වෙයි - ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

Report

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු අගවා ඇත්තේ, සාකච්ඡා ප්‍රමාද කිරීම හේතුවෙන් ඉරානය ඊට මිල ගෙවනු ඇති බවටයි. දෙරට අතර පවතින කලාපීය ආතතීන් සහ මිලිටරි හුවමාරු මධ්‍යයේ ඉරානය සාකච්චා හෝ ක්‍රියාමාර්ග නොමැති බවට ඔහු චෝදනා කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සහ ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, ටෙහෙරාන් ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහොත්, බලාගාර සහ පාලම් ඇතුළු ඉරානයේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම ගැන සලකා බලන බවයි.

මේ අතර, ආතතීන් අඩු කිරීම, ගැටුම නැවැත්වීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ ආරක්ෂක ගැටළු පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා මග පෑදීම අරමුණු කරගත් ගිවිසුමක් ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කටාර් මැදිහත්කරුවන් පසුගිය බදාදා දින ඉරානයේ ටෙහෙරානයට ගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.