ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම දකුණු කොරියාවට – ක්‍රීඩා ඇමතිත් සුබ පතයි
ආසියානු පිරිමි රග්බි තරගාවලියේ තෙවැනි වටයේ තීරණාත්මක තරගයක් සදහා සහාභාගි විමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම අද (10) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට සුදානමින් සිටි.
මෙහිදි සත්කාරක දකුණු කොරියානු රග්බි කණ්ඩායමට එරෙහිව තරග වැදිමට නියමිත අතර තරගය දකුණු කොරියාවේ නම්ඩොං ආසියානු රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ආසියනු රග්බි තරගාවලියේ ඉදිරිය තහාවුරු කර ගැනිම සහ ජත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක් හිමිකර ගැනීම සඳහා මෙම තරගය ඉතා වැදගත්වේ.
ඉදිරියේදි හොංකොං සහ දකුණු කොරියාව වැනි ආසියාවේ ප්‍රබල රග්බි කණ්ඩායම් සමඟ ඉතා හොදින් තරග වැදිමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සුදානමින් සිටි.
කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමඟ විශේෂ හමුවක් අද පැවැති අතර,ක්‍රීඩකයන්ගේ කැපවීම සහ දක්ෂතා අගයනු ලැබු අතර තරගාවලිය පුරාවට කණ්ඩායමට පුර්ණ සහායෝගය ලබාදීමට කටයුතු කරන බව සදහන් කළහ.