ලංකාවේ උද්ධමනය 7%කින් වැඩිවෙලා
රටේ උද්ධමනය සියයට හත දක්වා වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධානීන් දැනුම් දුන්නේ යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය පිළිබද විවාදයේදීය. අලවතුවල මහතා මෙසේද පැවසීය.
මේ රටේ ජනතාව අද අමාරුවෙන් ජීවත් වෙන්නෙ. දුප්පත්කම සියයට 30කින් වැඩි වෙලා. ඩොලරය වැඩිවීම නිසා පිටරටින් ගේන සියලුම බඩු වැඩි වෙලා. අපනයනකරුවන්ට නොයෙකුත් වාරණ දාලා තියෙනවා. 2022 තත්ත්වයම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. රට යන්නේ ඉතාම අවාසනාවන්ත තැනකට. උද්ධමනය අඩු කිරීමට රජය වහා පියවර ගත යුතුයි.එහෙම තත්ත්වයක් අද පේන්න නෑ. මැදපෙරදිග යුද්ධය පටන් ගන්න කලින් රුපියල කඩා වැටෙන්න පටන් අරන් තිබුණේ. ඔබලා මේ රටේ වෙනසක් ඇති කරනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ ගෙනාපු ආර්ථිකය වත් ඔබතුමාලට ගේන්න බැරිවෙල තියෙනවා. ගෝඨාභයගේ කාලයට දැන් රට ඇවිල්ලා. රටේ ජනතාවගේ රැකියා ලක්ෂ ගානක් නැති වෙලා තියෙනවා. අපි මේ ගැන විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. කලබල වෙන්න එපා.තුල්හිරිය මාක්ස් ආයතනය වහලා. නිවිතිගල තවත් කර්මාන්තශාලාවක් වැහිලා.