හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක්..
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර කටයුතු කළ හැකි බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට දැනුම් දුන් බව වාර්තා වේ.
ඒ අනුව මෙම සිද්ධියට අඳාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (10) දින අධිකරණය හමුවේ නැවත කැඳවු අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය සඳහා ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබූ අතර එහි පළමු සැකකරු වන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට නොතීසියක් නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කන්නේ නැතුව උපවාස කරන්නේ ඇත්තටම ගෝඨාභය නිසා.. ලංකාවම රවට්ටන සුරේෂ් සලේගේ බොරුව ආරක්ෂක ඇමති රටටම එළි කරයි
එම අවස්ථාවේදී මුල් අවස්ථාවේදීම වරෙන්තු නිකුත් කර ඇති මෙම සැකකරුට නොතීසි නිකුත් කිරීමට අවශ්‍ය නොවන බව මහේස්ත්‍රාත්වරයා පවසා තිබුණු බව සඳහන්.
ඒ අනුව අවශ්‍ය නම් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව වාර්තා වේ.
එසේම මෙම සිද්ධියට අඳාළව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර සිටි එම කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන රෑමි ජවුෆර් නැමැත්තා එළඹෙන 17 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) දින නියෝග කර ඇත.
ඊට අමතරව එම සිද්ධියේ දෙවන සැකකරු වන එම කාර්යාංශයේ හිටපු සභාපතිවරයා වූ බාස්වර් ගුණවර්ධන නමැත්තා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා අද (10) දින නියෝග කර ඇත.
ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබෙන බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දන්වා ඇති බව සඳහන්.