ටියුෂන් ගුරා 7 වසරේ සිට විටින් විට දැරියක් අපයෝජනය කරලා
මොරටුමුල්ල, පුවක්අරඹ මංසන්ධියේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක ප්‍රධාන ගුරුවරයෙක් විසින් බාලවයස්කාර දැරියක් දීර්ඝ කාලීනව අතවරයට සහ අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම සැකකාර ගුරුවරයාව මොරටුමුල්ල පොලීසිය විසින් වහාම අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජූනි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
උපාධිධාරීන්ට සුබ පණිවිඩයක් - සීමිත හා විවෘත උපාධි ගුරු විභහගයේ ප්‍රතිඵල නිකුත් කීරීම ගැන දැනුම්දීමක්
ඉහළ ඉදිබැද්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙකු වන මෙම ප්‍රධාන සැකකරු පුවක්අරඹ මංසන්ධියේ විශේෂ ඉංග්‍රීසි ඇකඩමියක් පවත්වාගෙන ගිය අයෙක් බව විමර්ශනවලදී වාර්තා වෙයි.
වයස අවුරුදු 16 ක බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත ලැබුණු නිල පැමිණිල්ලක් වහාම ක්‍රියාත්මක කරමින් මෙම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.
වින්දිත දැරිය පාසලේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ සිටම මෙම පෞද්ගලික උපකාරක පන්තියට අඛණ්ඩව සහභාගී වී ඇති අතර, ඒ කාලයේ සිටම මෙම සැකකාර ගුරුවරයා විසින් ඇයව විවිධ අවස්ථාවලදී බරපතළ ලෙස අපයෝජනය කළ බවට මූලික පොලිස් වාර්තාවල සඳහන් වෙයි.
එමෙන්ම මෙම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් තමන්ගේ දෙමාපියන් හට නොපවසන ලෙස පවසමින් සැකකාර ගුරුවරයා විසින් දැරියට දැඩි ලෙස තර්ජනය කර ඇති බව ද සඳහන් වේ.
ඒ පිළිබඳව දැඩි ලෙස බියට පත්වූ දැරිය වසර කිහිපයක් තිස්සේ සිය දෙමාපියන් හට මේ සම්බන්ධව කිසිදු දැනුම්දීමක් කර නොමැති අතර, ඇය තමාට මුහුණ දීමට සිදු වූ මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව සිය සමීපතම මිතුරියක් හට මීට සති 02 කට පමණ පෙර පවසා තිබේ.
පසුව එම මිතුරිය විසින් තමාගේ මවට මේ පිළිබඳව පවසා ඇති අතර, එම මව වහාම ඉදිරිපත් වී දැරියගේ දෙමාපියන්ද දැනුවත් කරමින් පොලීසිය වෙත මෙම නිල පැමිණිල්ල සිදු කර තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පුවක්අරඹ මංසන්ධියේ පිහිටි අදාළ පෞද්ගලික උපකාරක පංති ආයතනය වෙත පැමිණ විද්‍යාත්මක ක්ෂේත්‍ර විමර්ශන සිදු කර ඇති අතර, වින්දිත දැරියව වහාම පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර විශේෂ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් ද සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර ගුරුවරයා විසින් මීට පෙරද මෙම උපකාරක පන්තියට පැමිණි තවත් දැරියන් කිහිපදෙනෙක් මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්දැයි සොයා බැලීම සඳහා පොලීසිය පුළුල් විමර්ශන පවත්වන අතර, ගල්කිස්ස සහ මොරටුව සහකාර පොලිස් අධිකරණවරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් මොරටුමුල්ල පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.