රෝගීන් වැඩි වීමෙන් සෞඛ්‍යය අංශ දැඩි වෙයි - අවදානම මැඩලීමට හෙට සිට දිස්ත්‍රික්ක 14 ක කරන්න යන දේ [VIDEO]

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා විසින් මෙරට දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කරන්නේ ඒ හේතුවෙන් ඩෙංගු මර්දන පරීක්ෂණ කටයුතු ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පවසමින්.

ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ මෙම පරීක්ෂා කිරීමට මහජනතාවගේ සම්පූර්ණ සහාය හිමිවිය යුතු බවයි.

එමෙන්ම රාජකාරියේ නිරත වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතුවලට අවනත නොවන සහ ඊට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද එහිදී අවධාරණය කර ඇත.

ඉකුත් ජනවාරි මාසයේ සිට පැවැති වැසි සහිත කාලගුණය මෙම රෝගී වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇති අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව ඉකුත් ජුනි 5 වන දින වනවිට රෝගීන් 36,168ක් වාර්තා වී තිබෙනවා.

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

ඒ අතර වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් හමුවෙයි. එසේම ඊට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලද රෝගීන් වාර්තා වී ඇති බව සඳහන්.

තවද මේ වන විට මරණ 20ක් වාර්තා වී ඇති බවත් ඉන් තිදෙනෙක්ම කුඩා ළමුන් බවත් වාර්තා වේ.

ඒ හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීමට හෙට (ජුනි 8), 9 සහ 10 යන තෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන අතර මෙම විශේෂ වැඩසටහන ඩෙංගු රෝගීන් බහුලවම වාර්තා වන දිස්ත්‍රික්ක 14 කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 72 ක් කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට නියමිත බව සඳහන්.

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,