අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදී පානීය ජල බෝතල් මිලත් ඉහළට - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Report

පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම අංක 96 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය (ගැසට් අංක: 2492/29) අද (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත් වෙන බව සඳහන්. 

එබැවින් දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද මිලිලීටර් 500ත් මිලිලීටර් 999 අතර වතුර බෝතලයක් රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර ලීටර් 1ත් ලීටර් 1.499 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

සතොස අද සිට සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කර‍යි

සතොස අද සිට සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කර‍යි

එසේම ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ ගොස් ඇත.

තවද ලීටර් 2ත් ලීටර් 2.499 අතර ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති අතර ලීටර් 5ත් ලීටර් 6.999 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක් රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

මාළු මිලේ හදිසියේම වෙනසක් - අලුත් මිල මෙන්න

මාළු මිලේ හදිසියේම වෙනසක් - අලුත් මිල මෙන්න

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

Gallery