සංචාරකයින් 2,380ක් රැගත් Mein Schiff 6 නෞකාව කොළඹට

By Malith Madushan Jun 10, 2026 01:16 PM GMT
Report

සංචාරකයින් 2,380 දෙනෙකු රැගත් මෝල්ටා ධජය සහිත “Mein Schiff 6” සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ ඇති අතර එය වරාය අධිකාරිය සතු ECT ජැටියේ තැන්පත් කර ඇත.

මෙම නෞකාව දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන අතර, එය 951 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද රැගෙන පැමිණ ඇත.

මහ බැංකුවෙන් ජනතාවට දැනුවත් කිරීමක් - මේ ආයතනයේ ලියාපදිංචිය අවලංගුයි

මහ බැංකුවෙන් ජනතාවට දැනුවත් කිරීමක් - මේ ආයතනයේ ලියාපදිංචිය අවලංගුයි

සංචාරකයින් සඳහා සංස්කෘතික කලා සංදර්ශන ඉදිරිපත් කරමින් පිළිගැනීමේ වැඩසටහන් අදාළ සංචාරක සමාගම් විසින් සංවිධානය කර ඇති අතර, මහනුවර සහ වෙනත් සංචාරක ප්‍රදේශ වෙත යාමට නියමිත සංචාරකයින් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇත.

එමෙන්ම කොළඹ නගරයේ සංචාරය සඳහා පාපැදි ද සපයා දීමට කටයුතු කර තිබේ. මෙම නෞකාව පසුගිය 19 වනදා හම්බන්තොටට පැමිණි අතර එහිදී සංචාරක පිරිස යාල, බූන්දල, උඩවලව, කතරගම සහ හම්බන්තොට අවට ප්‍රදේශවල සංචාරයේ නිරත වූහ.

සංචාරකයින්ට සේවා පහසුකම් සැපයීම සඳහා රුහුණු සංචාරක කාර්යාංශය සහ හම්බන්තොට මහනගර සභාව එක්ව විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර තිබිණි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් සංචාරක පැමිණීම් අඩුවී තිබුණද, මෙලෙස නෞකාවන් පැමිණීම නිසා ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රය නැවත සක්‍රීය වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ලෝකෙම බයෙන් ඉන්න එල්නිනෝ ලබන මාසයේ ඉඳන් ලංකාවටත් - වෙන්න යන විනාසෙට මුහුණ දෙන විදිහ ගැන දැනුවත් කිරීම අද

ලෝකෙම බයෙන් ඉන්න එල්නිනෝ ලබන මාසයේ ඉඳන් ලංකාවටත් - වෙන්න යන විනාසෙට මුහුණ දෙන විදිහ ගැන දැනුවත් කිරීම අද