අපේ සත්‍යග්‍රහය කඩාකප්පල් කරන්න පිරිසක් එනවා කියලා ඊයේ අපිට බුද්ධි අංශ කලින්ම දැනුම් දුන්නා - ගම්මන්පිල

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර ඇති අඛණ්ඩ සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීම සඳහා එක්තරා දේශපාලන පිරිසක් ඉතා සූක්ෂ්ම ලෙස සූදානමින් සිටින බවට රාජ්‍ය බුද්ධි අංශ මඟින් තමන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද 10 වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, වත්මන් පාලක පක්ෂයට හිතවත් වෘත්තීය සමිති නායකයින් පිරිසක්, මීට පෙර ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ප්‍රදේශයේ පාස්කු වින්දිතයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සත්‍යග්‍රහය පවත්වන ස්ථානයට පැමිණ හිතාමතාම කලහකාරී ලෙස හැසිරීමේ දැඩි සූදානමක් ඇති බවට එම බුද්ධි තොරතුරු මඟින් තමන්ට පැහැදිලිවම දැනුම් දුන් බවයි.

අ.පො.ස. (උ.පෙළ) විභාගය ගැන විශේෂ නිවේදනයක් - පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

අ.පො.ස. (උ.පෙළ) විභාගය ගැන විශේෂ නිවේදනයක් - පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

මෙය කිසිසේත්ම සැබෑ පාස්කු වින්දිතයින් විසින් සිදු කරනු ලබන දෙයක් නොවන බවත්, පාස්කු වින්දිතයන් ලෙස සමාජය ඉදිරියේ රඟපෑමට උත්සාහ කරන බංකොලොත් පච මාලිමාවේ තවත් එක පච ව්‍යාපෘතියක් පමණක් බවත් ඔහු මෙහිදී සෘජුවම චෝදනා කළේය.

මේ ප්‍රදේශයේ වාහන ගමනාගමන නවත්වයි - විකල්ප මාර්ග භාවිතා කරන්නයැයි දැනුම්දීමක්

මේ ප්‍රදේශයේ වාහන ගමනාගමන නවත්වයි - විකල්ප මාර්ග භාවිතා කරන්නයැයි දැනුම්දීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ සැබෑ යුක්තිය ඉටු වීමට අවශ්‍ය නම් සිදු විය යුත්තේ වීදි පුරා කලහ කිරීම නොව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සාක්ෂි දීම වන බව පෙන්වා දුන් උදය ගම්මන්පිල මහතා, එදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන්ට පාස්කු ප්‍රහාරය දියත් කිරීමට අවශ්‍ය සියලුම පසුබිම සහ සහයෝගය නිසි පරිදි ලබා දුන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් දැන් සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරුවල බවයි වැඩිදුරටත් දැඩිව ප්‍රකාශ කර සිටියේය.