සලේට අසාධ්‍යයි - අත් දෙකටම සේලයින් ගහලා.. ළං වෙන්න දුන්නේ නෑ එයා කැමතියි ඇස් දන් දෙන්න - බිරිඳ කියයි [VIDEO]

Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ ඔහුගේ සුවදුක් බැලීම සඳහා මනෝරි සලේ වන ඔහුගේ බිරිඳ රෝහලට ගොස් තිබුණා.

එහිදී ඇය විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ සලේ මහතා මේ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයක පසුවන බවයි.

එමෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ ඔහු දින දෙකක් තිස්සේ ආහාර හෝ ජලය බිංදුවක් පවා පානය නොකිරීම හේතුවෙන් දැඩි ලෙස විජලනයට පත්ව ඇති බවයි. තවද රෝහල් ගත කරන අවස්ථාව වන විටත් ඔහුට හිටගෙන සිටීමට පවා ශක්තියක් නොතිබූ බවද ඇය පැවසුවා.

සුරේෂ් සලේට විශේෂ ආරක්ෂාවක් - හදිසි ප්‍රතිකාරවලට ඇතුළත් කළ ජාතික රෝහල ආරක්ෂක අංශවලින් වටවෙයි

සුරේෂ් සලේට විශේෂ ආරක්ෂාවක් - හදිසි ප්‍රතිකාරවලට ඇතුළත් කළ ජාතික රෝහල ආරක්ෂක අංශවලින් වටවෙයි

එමෙන්ම මේ වන විට රෝහලේ ඔහුට අත් දෙකටම සේලයින් ලබා දෙමින් ප්‍රතිකාර කරන බවත්, විවිධ වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) ප්‍රතිකාර ලබන ඔහුට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවත් ඇය මාධ්‍යට සඳහන් කළා.

තවද තම සැමියා කිසිදු ප්‍රතිකාරයක් ලබා ගැනීමට හෝ උපවාසය අත්හැරීමට කැමැත්තක් නොදැක්වූ බවත්, ඔහු ඉතා අසීරු මානසික තත්ත්වයක පසුවන බවත් පැවසූ සලේගේ බිරිඳ මරණය තෙක් උපවාසය ගෙන යාමේ අරමුණින් ඔහු සිය අවසන් කැමති පත්‍රය ලිවීම වෙනුවෙන් නීතිඥයෙකු ගෙන්වන ලෙස ඉල්ලා සිටි බවත් සඳහන් කළා.

එමෙන්ම මරණයෙන් පසු සිය දෑස් දන් දීමට ඔහු කැමැත්ත පළ කර ඇති බව ද ඇය මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් සඳහන් කර සිටියා. 

සුළු මොහොතකට පෙර සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි

සුළු මොහොතකට පෙර සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි

දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය ලියන්න යන සලේ වෙනුවෙන් හෙට සිට කොළඹ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය ලියන්න යන සලේ වෙනුවෙන් හෙට සිට කොළඹ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,