කුන්මින් ප්‍රදර්ශනයට අපනයනකරුවන් සමඟ ඇමති වසන්ත චීනයට

Report

චීනයේ කුන්මින් නගරයේදී හෙට (11) ආරම්භ වන 10 වැනි චීන–දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වැනි චීන (කුන්මින්) ආනයන හා අපනයන ප්‍රදර්ශනය 2026 සඳහා සහභාගි වීම සඳහා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ.

අමාත්‍යවරයා සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා ඇතුළු පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති.

මෙම ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.

සතොස අද සිට සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කර‍යි

සතොස අද සිට සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කර‍යි

රටවල් 60කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශකයන් සහ ආයතන මේ සඳහා සහභාගි වන අතර, ශ්‍රී ලාංකික අපනයනකරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200කට වැඩි පිරිසක් ඊට එක්වෙති.

මෙමගින් ලොව දෙවැනි විශාලතම ආනයන වෙළෙඳපොළ හිමි චීන වෙළෙඳපොළට සෘජුවම ප්‍රවේශ වීමටත්, එරට ගැනුම්කරුවන් හඳුනා ගැනීමටත් අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.

එමෙන්ම ශ්‍රී ලාංකික ප්‍රදර්ශන කුටි අතර ප්‍රථම වරට ධීවර නිෂ්පාදන ප්‍රදර්ශන කුටියක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා වෙළෙඳ කුටියක් ද මෙවර වෙන් කර තිබීම විශේෂත්වයකි.

මෙවර ප්‍රදර්ශනයේ හරිත බලශක්තිය, සේවා වෙළෙඳාම, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් තාක්ෂණය සඳහා විශේෂීකරණය වූ කුටි වෙන් කර තිබෙන අතර, එමගින් චීනයේ දියුණු තාක්ෂණයන් දකුණු ආසියානු කලාපයට හඳුන්වා දීමේ අවස්ථාව ද උදා වනු ඇත.

රාජ්‍ය සේවකයින්ට ජූලි මාසයේ සිට දුම්රිය සීසන් ටිකට් ගන්න අලුත්ම ක්‍රමයක්

රාජ්‍ය සේවකයින්ට ජූලි මාසයේ සිට දුම්රිය සීසන් ටිකට් ගන්න අලුත්ම ක්‍රමයක්