"මෝඩ ඇමරිකානුවෝ ප්‍රශ්ණ අහනවා - ඒත් මම ආසයි ඉරානේ අල්ලන් තෙල් ගන්න - ට්‍රම්ප්ගෙන් අමුතු කතාවක් එළියට
තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කර ගැනීමට ද ඇමරිකාවට හැකියාව පවතින බවයි.
ඉරනයට අයත් කාර්ග් දූපතට ඇමෙරිකා හමුදා යවා එය ආක්‍රමණය කිරිමේ සැලැස්මක් ඇති බවත්, තමන් අණ දුන් සැණින් එය සිදුවනු ඇති බවත් ට්‍රම්ප් මෙම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කළේය.
ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, ඉකුත් ජනවාරියේ, වෙනිසියුලා නායක නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට තෙල් කර්මාන්තයේ පාලනය නතු කර ගත්තා සේම, ඉරානයේදී ද තම ප්‍රමුඛතාවය ‘තෙල් සම්පත අත්පත් කර ගැනීම’ බවය
වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ, "ඇත්තම කියනවා නම්, මගේ ප්‍රියතම දෙය තමයි ඉරානයේ තෙල් ලබා ගැනීම. නමුත් අමෙරිකාවේ ඉන්න සමහර මෝඩ මිනිස්සු අහනවා ඇයි ඔබ ඒක කරන්නේ?' කියලා. ඒත් ඔවුන් මෝඩ මිනිස්සු, ඉරානයේ කිසිදු ආරක්ෂක පද්ධතියක් ඇතැයි මා සිතන්නේ නැහැ. අපට එය ඉතා පහසුවෙන් කාග් දූපත ලබාගත හැකියි' ලෙසයි.