ට්‍රම්ප්ගේ කතාව මැද ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - මන්ත්‍රීවරු දෙන්නෙක් කරපු දේ

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රයත්න මල්ඵලගන්වමින් මැදපෙරදිග කලාපයට අද (13) දිම සාමයේ අරුණලු උදා වී ඇත.

ඒ දශක ගණනක් පුරා කලාපයට හිසරදයක්ව පැවති ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුමට විරාමයක් ගෙන ඒමේ සාම සැලසුම අද දින පටන් ක්‍රියාවට නැංවීම නිසයි.

ඒ අනුව අද දිනදී වසර දෙකක කාලයක් පුරාවට හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් අතරින් දැනට ජීවතුන් අතර සිටින විසිදෙනා ඊශ්‍රායලය වෙත භාරදීමට හමාස් සංවිධානය කටයුතු කර තිබුණා.

සිරකරුවන් නිදහස් කරනකල් බලන් හිටපු පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර

සිරකරුවන් නිදහස් කරනකල් බලන් හිටපු පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර

මේ අතර දෙවසරක් තිස්සේ බලාපොරොත්තු වූ මෙම ඓතිහාසික අවස්ථාව රටපුරා ස්ථාන රැසක දී සජීවීව විකාශය කෙරුණු අතර එය සියැසින් දැකගැනීමටත් දහස් සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන් ප්‍රධාන නගරවලට රැස්ව සිටි බව වාර්තා වුණා.

එමෙන්ම මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා පැය 4ක් තරම් කෙටි කාලයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය වෙත අද ගොස් සිටියා.

එහිදී ට්‍රම්ප් විසින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමට කටයුතු කළා.

එහෙත් මෙම අවස්ථාවේදී ට්‍රම්ප්ගේ දීර්ඝ දේශනයට බාධා ඇතිව තිබුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පලස්තීනය පිළිගන්නා ලෙස කෑගසමින් කතාවට බාධා කිරීමෙන්. 

භූගත උමං ඇතුළේ හිර කරපු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හැමෝම නිදහස්

භූගත උමං ඇතුළේ හිර කරපු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හැමෝම නිදහස්

නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසියි - මේකයි වැරැද්ද

නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසියි - මේකයි වැරැද්ද