මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයි

Report

QR සංකේතය යටතේ කුඩා තේවතු ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාර වැඩසටහනේ ඉතිරිව ඇත්තේ පොහොර මෙට්‍රික් ටොන් 2,885ක් පමණක් බැවින්, සුදුසුකම්ලත් ගොවීන් කඩිනමින් එම සහනාධාරය ලබාගැනීමට කටයුතු කරන ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉල්ලා සිටියි.

ඊයේ (26) අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙට්‍රික් ටොන් 25,000ක මුළු පොහොර ප්‍රමාණයෙන් මේ වන විට ගොවීන් 195,777 දෙනෙකුට මෙට්‍රික් ටොන් 22,115ක් නිකුත් කර අවසන් බවයි.

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

එම නිසා QR සංකේත ලබාගෙන මෙතෙක් පොහොර නොගත් හෝ මෙතෙක් ලියාපදිංචි නොවූ සුදුසුකම්ලත් ගොවීන් එළඹෙන දෙසැම්බර් 31 වැනිදාට පෙර අදාළ නිලධාරීන් හමුවී අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරගත යුතුය.

එමෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වයේ බලපෑම හේතුවෙන් කුඩා තේවතු ගොවීන්ට අතිරේක සහනයක් ලෙස වෙන්කළ රුපියල් මිලියන 2,500ක අරමුදලින්, QR සංකේතය මඟින් පොහොර ලබාගත් ගොවීන්ට එක් පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000ක මුදල් සහනාධාරයක් සෘජුවම බැංකු ගිණුම්වලට බැර කෙරේ.

නවුෆර් මවුලවි සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් - වනාතවිල්ලුව අවි සහ පුපුරණ ද්‍රව්‍ය නඩුවේ තීන්දුව දෙයි

නවුෆර් මවුලවි සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් - වනාතවිල්ලුව අවි සහ පුපුරණ ද්‍රව්‍ය නඩුවේ තීන්දුව දෙයි

මේ වන විට ගොවීන් 64,586 දෙනෙකුට අදාළ මුදල් ලබාදී ඇති අතර, ඉතිරි ගොවීන්ගේ බැංකු ගිණුම් තොරතුරු තහවුරු කරගනිමින් දෙසැම්බර් 31ට පෙර සියලු ගෙවීම් අවසන් කිරීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොදවා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.