මොරටුව කැළඹෙයි - අතුරුදන් වූ බව කියූ සා.පෙළ සිසුවාගේ සිරුර මොරටු වෙරළෙන් මතු වෙයි - මරණය අබිරහසක්
අතුරුදන් වී ඇති බවට පැවසූ හොරණ ප්රධාන පෙළේ ජාතික පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවාගේ සිරුර මොරටුව, එගොඩඋයන වෙරළ තීරයට ගොඩගසා තිබියදී ඊයේ (26) දින සොයාගැණුන බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ මිය ගොස් ඇත්තේ මීවනපලාන දඹර ප්රදේශයේ පදිංචි මියුරු නිම්සර නැමැති සිසුවෙක් වේ.
අඳාළ සිසුවා මෙවර සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙක් වන අතර ඔහු ඉකුත් 25 වැනි දින සාමාන්ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්රණයකට සහභාගි වන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.
ආදරනීය සුසිල අක්කගෙ දුක බෙදාගන්න ගියා.. funeral රැජිණියගේ නැවත ආගමනය? නිර්භය වූ නිර්ධාගේ සටහනට බුකිය ඇවිලෙයි
එසේ වුවත් එදින සිට ඔහු යළි නිවසට නොපැමිණීම නිසා ඥාතීන් විසින් ඊයේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
එබැවින් පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරමින් සිටියදී මොරටුව, එගොඩඋයන වෙරළ තීරයට මළසිරුරක් ගොඩ ඇති බවට ලද තොරතුරක් අනුව කළ පරීක්ෂාවේදී එය අදාළ සිසුවාගේ බවට තහවුරු කරගත් බව පොලිසිය පවසයි.
එමෙන්ම සිසුවාගේ මළ සිරුර හමුවන අවස්ථාවේදී ඔහු නිවසින් පිටත්ව යන විට ඇඳ සිටි ඇඳුම පිටින් සිට ඇති බව සඳහන්.
කෙසේ වුවද ඔහු මුහුදේ නෑමට ගිය බවට තොරතුරු හෙළි වී නොමැති බැවින් මරණ සිදුවූ ආකාරය පිළිබඳව සැකයක් මතුවන බව පොලිසිය පවසයි.