“මම දැන් ඉතාමත් සතුටින්” රශ්මිකා කියයි - විජේ සහ රශ්මිකා මන්දනා ගැන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් පැමිණිල්ලක්

Report

ජනප්‍රිය ඉන්දීය නළු විජේ දේවරකොණ්ඩා සහ නිළි රශ්මිකා මන්දනා සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කණ්ඩායම හයිද්‍රාබාද් සයිබර් අපරාධ අංශයට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ ‘කොෆී විත් කරන්’ වැඩසටහනේ නවතම වාරයට මෙම යුවළ සහභාගී වීමෙන් පසු ඔවුන්ගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් සහ විවේචන පළවීමත් සමඟය.

ඔවුන්ගේ කණ්ඩායම නිකුත් කළ නිවේදනයකට අනුව, අදාළ පැමිණිල්ල නියෝජිතයකු විසින් බලධාරීන් වෙත භාරදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලා තිබේ.

සමාජ මාධ්‍ය පළ කිරීම් සහ ඩිජිටල් ප්‍රකාශන කිහිපයක් මඟින් අසත්‍ය තොරතුරු, නිර්මාණය කළ අන්තර්ගත, වෙනස්කම් සිදුකළ තිර රූප, ව්‍යාජ අනන්‍යතා භාවිතය සහ ඉලක්කගත අන්තර්ජාල හිරිහැර සිදුකර ඇති බවට පැමිණිල්ලෙන් කරුණු දක්වා ඇත.

වයස 53දීත් සචින් තෙන්දුල්කාර්ගේ ශරීර සෞඛ්‍යයේ රහස මෙන්න - අත්හැර දැමූ පුරුද්දත් හෙළිවෙයි

වයස 53දීත් සචින් තෙන්දුල්කාර්ගේ ශරීර සෞඛ්‍යයේ රහස මෙන්න - අත්හැර දැමූ පුරුද්දත් හෙළිවෙයි

ඊට අදාළ සබැඳි සහ සාක්ෂි ද බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සාධාරණ විවේචනවලට තම කණ්ඩායම ගරු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එහෙත් අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ සත්‍ය කරුණු ලෙස ඉදිරිපත් කිරීම ඊට වෙනස් කරුණක් බව ඔවුන් අවධාරණය කර තිබේ.

විජේගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්

මේ අතර, තම විවාහ සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට විජේ දේවරකොණ්ඩා ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබිණි.

තම බිරිඳ වන රශ්මිකා තම ජීවිතයේ නිවැරදිම තීරණයක් බව සඳහන් කළ ඔහු, දෙදෙනාම සතුටින් සිටින බව ද පවසා තිබේ.

තමන් දෙදෙනාට එරෙහිව මුළු ලෝකයම සිටිය ද එය ගැටලුවක් නොවන බව සඳහන් කළ විජේ, ආදරය සමරන සියලු දෙනාට ආදරය පිරිනමන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම, දිගින් දිගටම තමන්ට සහ රශ්මිකාට විවේචන එල්ල කරන පුද්ගලයන්ට දැඩි වචනවලින් ප්‍රතිචාර දැක්වීමට ද ඔහු කටයුතු කර තිබිණි.

බොලිවුඩය හොල්ලපු SRK - දීපිකා සුපිරි යුවළ යළිත් එකට! ‘King’ චිත්‍රපටයේ දැවැන්ත ගීතයේ රූගත කිරීම්

බොලිවුඩය හොල්ලපු SRK - දීපිකා සුපිරි යුවළ යළිත් එකට! ‘King’ චිත්‍රපටයේ දැවැන්ත ගීතයේ රූගත කිරීම්

රශ්මිකාත් සිය විවාහය ගැන කතා කරයි

මෙම සිදුවීම සම්බන්ධයෙන් රශ්මිකා මන්දනා ද ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

‘කොෆී විත් කරන්’ වැඩසටහනේදී විවාහ යෝජනාව සම්බන්ධයෙන් සිදුකළ සංවාදය බොහෝ දෙනා වැරදි ලෙස වටහාගෙන ඇති බව ඇය එහිදී සඳහන් කර ඇත. එම වැඩසටහනේදී විවාහ වීමට මුලින්ම යෝජනා කළේ තමන් බව රශ්මිකා පැවසුවාය.

තමන් විවාහ වීමට කැමති බව විජේට පැවසූ අවස්ථාවේදී, ඔහු එකඟ වීමට පෙර එම යෝජනාව 100 වතාවක් ඉදිරිපත් කරන ලෙස පැවසූ බව ද ඇය හෙළි කළාය.

පසුව ඇය පැහැදිලි කළේ, විවාහය පිළිබඳව වසරක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් පසු 2026 පෙබරවාරි මාසයේදී විවාහ වීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත්, එම සංවාදයේ සැබෑ අරමුණ යෝජනාව කී වතාවක් කළා ද යන්න නොවන බව රශ්මිකා පෙන්වා දී තිබේ.

එකිනෙකා හොඳින් හඳුනාගෙන, ජීවිතයේ සතුටුදායක මෙන්ම අසීරු අවස්ථාවලදීත් එකට සිටීමට තමන් දෙදෙනාට අවශ්‍ය ද යන්න තහවුරු කරගැනීම එහි අරමුණ වූ බව ඇය සඳහන් කළාය.

විවාහය යනු විවාහ යෝජනාවක් හෝ මුදුවක් හුවමාරු කරගැනීම පමණක් නොව, එකට අනාගතයක් ගොඩනැඟීම බව ද ඇය අවධාරණය කර තිබේ.

''විජේව විවාහයට කැමති කරගන්න රශ්මිකා වසරක්ම උත්සාහ කරලා'' - දෙන්නාගේ රහසක් එළියට

''විජේව විවාහයට කැමති කරගන්න රශ්මිකා වසරක්ම උත්සාහ කරලා'' - දෙන්නාගේ රහසක් එළියට

“මම දැන් ඉතාමත් සතුටින්” - රශ්මිකා

තම විවාහ ජීවිතය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවන අසත්‍ය කතා සහ නොමඟ යවන සුළු වීඩියෝ සංස්කරණ පිළිබඳව කනගාටුව පළ කළ රශ්මිකා, තම ජීවිතය පිළිබඳව තමන් පවසන දේට වඩා අන්තර්ජාලයේ පැතිරෙන කතා විශ්වාස කිරීම පුදුමයට කරුණක් බව ද සඳහන් කළාය.

තමන් අසනීප වූ විට, මානසිකව පීඩාවට පත්වූ විට සහ සහයෝගය අවශ්‍ය වූ අවස්ථාවලදී විජේ තමන් සමඟ සිටි බව ඇය පවසා තිබේ.

විජේ තමන්ට ආදරය, ආරක්ෂාව, උපදෙස් සහ සහයෝගය ලබාදෙන පුද්ගලයකු බවත්, විවාහයෙන් පසු තමන් අත්විඳින සතුට එය තහවුරු කරන බවත් ඇය සඳහන් කළාය.

තමන් දෙදෙනා එකිනෙකා තෝරාගෙන ඇති බවත්, ජීවිතයේ ඉදිරියටත් එකිනෙකා තෝරාගනිමින් සිටින බවත් පැවසූ රශ්මිකා, තමන්ගේ ආදරය පිළිබඳ අන් අයගේ මතවලට අනුව ජීවත් වීමට අවශ්‍ය නොවන බව ද ප්‍රකාශ කර තිබේ.

තම පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීමේදී ඊට අදාළ නොවන තම පවුලේ සාමාජිකයන් ද ඉලක්ක කර නොගන්නා ලෙස ඇය සිය ප්‍රකාශයේ අවසානයේදී ඉල්ලා සිටියාය.

වයස 75ක් වුණත් තවමත් තරුණ පෙනුමක් - රජිනිකාන්ත්ගේ රහස හෙළිකරයි

වයස 75ක් වුණත් තවමත් තරුණ පෙනුමක් - රජිනිකාන්ත්ගේ රහස හෙළිකරයි