ට්‍රම්ප් නිකී මිනාජ් ගැන කීවේ මොනවාද? - පසුව සමාවත් ඉල්ලයි

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනප්‍රිය ගායිකා නිකී මිනාජ් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රැලියකදී අසභ්‍ය ප්‍රකාශයක් සිදුකර පසුව ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පැවති රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණයට පෙර රිපබ්ලිකන් අපේක්ෂකයන්ට සහාය ලබාදීම එම රැලියේ අරමුණ වී තිබේ.

ට්‍රම්ප් සමඟ එම අවස්ථාවට එක්වූ නිකී මිනාජ්, තමන් ඔහුගේ අංක එකේ රසිකාවිය බව ද ප්‍රකාශ කර ඇත.

ඇය රැලියේදී ට්‍රම්ප්ගේ නම සහ මිචිගන් ප්‍රාන්තයේ රිපබ්ලිකන් අපේක්ෂකයන්ගේ නම් සඳහන් කරමින් ජනතාව සමඟ හඬ නැඟුවාය.

ඇය වේදිකාවෙන් ඉවත්ව යන අවස්ථාවේදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇය මීට පෙර කිසිදාක මෙතරම් සුන්දරව නොසිටි බවයි.

ඇය බුද්ධිමත් තැනැත්තියක් බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, සිය කතාව අතරතුර නිකී මිනාජ්ගේ ශරීරය සම්බන්ධයෙන් අසභ්‍ය අදහසක් පළ කළ ට්‍රම්ප්, පසුව ඇය එම ප්‍රකාශයෙන් අපහසුතාවට පත්වූයේ නම් සමාව ඉල්ලා සිටින බව පැවසීය.

නිකී මිනාජ් දිගු කලක සිට තමන්ට සහාය දක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩිමොක්‍රටික් කඳවුර කැළඹූ නිකී මිනාජ්ගේ ආගමනය- ට්‍රම්ප් එක්ක මිචිගන් රැළියට ඇවිත් හෙළි කළ කතාව මෙන්න

ඩිමොක්‍රටික් කඳවුර කැළඹූ නිකී මිනාජ්ගේ ආගමනය- ට්‍රම්ප් එක්ක මිචිගන් රැළියට ඇවිත් හෙළි කළ කතාව මෙන්න

ට්‍රම්ප් සමඟ එයාර් ෆෝස් වන් යානයේත් නිකී මිනාජ්

මෙම රැලියට සහභාගී වීම සඳහා නිකී මිනාජ්, ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන එයාර් ෆෝස් වන් යානයෙන් මිචිගන් ප්‍රාන්තයට ගොස් තිබේ.

එහිදී ඇය ජනාධිපතිවරයාගේ සහායකයකු සමඟ වීඩියෝවක් ද පටිගත කර ඇති අතර, එහිදී ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වන ආකාරය විනෝදාත්මක ලෙස නිරූපණය කර ඇත.

එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ කර තිබේ. නිකී මිනාජ් අවස්ථා කිහිපයකදීම ට්‍රම්ප්ට සහාය පළ කර ඇති අතර, නයිජීරියාවේ ක්‍රිස්තියානුවන්ට හිංසා සිදුවන බවට ඔහු කළ ප්‍රකාශ සහ ඇමරිකාවේ පදිංචිය සඳහා ඉදිරිපත් කර ඇති 'ගෝල්ඩ් කාඩ්' වීසා වැඩසටහන සම්බන්ධයෙන් ද ඇය සහාය පළ කර තිබේ.

අනපේක්ෂිත පෙරළියක් කරමින් ලූලා ද සිල්වා යළි ජනපති පුටුවට - ඓතිහාසික ජයග්‍රහණයෙන් බ්‍රසීලය හොල්ලයි

අනපේක්ෂිත පෙරළියක් කරමින් ලූලා ද සිල්වා යළි ජනපති පුටුවට - ඓතිහාසික ජයග්‍රහණයෙන් බ්‍රසීලය හොල්ලයි

මුස්ලිම් අපේක්ෂකයකුට එරෙහිව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මේ අතර, මිචිගන් ප්‍රාන්තයේ සෙනෙට් මැතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අබ්දුල් එල්-සේයඩ් සම්බන්ධයෙන් ද ට්‍රම්ප් සිය කතාවේදී අදහස් පළ කළේය.

රිපබ්ලිකන් අපේක්ෂක මයික් රොජර්ස් සමඟ තියුණු තරගයක නිරතව සිටින එල්-සේයඩ්ගේ මුස්ලිම් ආගමික පසුබිම ඉලක්ක කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබේ.

එල්-සේයඩ් ජයග්‍රහණය කළහොත් ඇමරිකාවට ජිහාඩ්වාදීන්ට ආරාධනා කරනු ඇති බවට ද ට්‍රම්ප් චෝදනා කළේය.

ඔහුගේ මෙම ප්‍රකාශ ඉස්ලාම් විරෝධී ස්වභාවයක් ගන්නා බවට විවේචන එල්ල වී තිබේ. මීට පෙර ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලයේදී නිකී මිනාජ් ඔහුගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති විවේචනය කර තිබීම ද විශේෂත්වයකි.

එවකට වයස අවුරුදු පහේදී නීතිවිරෝධී සංක්‍රමණිකයකු ලෙස තමන් ඇමරිකාවට පැමිණි බව සඳහන් කරමින් ඇය දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීමේ ප්‍රතිපත්තියට විරෝධය පළ කර තිබුණාය.

''මරණ දඬුවම යළි එයි! රූ රැජින තරගවලටත් තහනමක්'' - බුර්කිනා ෆාසෝවේ දැඩි තීරණයක්

''මරණ දඬුවම යළි එයි! රූ රැජින තරගවලටත් තහනමක්'' - බුර්කිනා ෆාසෝවේ දැඩි තීරණයක්