රටම කළඹමින් මියගිය 29 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් පරීක්ෂණ

Report

හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 29 හැවිරිදි සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද (27) කළුබෝවිල රෝහලේදී සිදු කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක වන අතර, හෝමාගම දිස්ත්‍රික්ක (II) භාර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එම විමර්ශන මෙහෙයවනු ලබයි.

ඒ අනුව, ඔක්තෝබර් 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හෝමාගම පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඔවුන් අතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු, දූෂණ මර්දන හා වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සහායක රාජකාරි සඳහා අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටින බව සඳහන් වේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත, බස්නාහිර පළාත් දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන ආරම්භ කර ඇත. මියගිය පුද්ගලයා කිරිවත්තුඩුව, මූණමැලේවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි. ‘අයිස්’ මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ළඟ තබාගෙන සිටි බවට සැකපිට ඔහු ඔක්තෝබර් 25 වැනිදා හෝමාගම, පිටිපන හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

හෝමාගම පොලිසිය සඳහන් කරන පරිදි, අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටි සැකකරු හදිසියේ රෝගාතුර වී තිබේ.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව, වැඩබලන මහේස්ත්‍රාත්වරයා හෝමාගම මූලික රෝහලට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පවත්වා තිබේ. මරණයට හේතුව සහ සිද්ධියට අදාළ අනෙකුත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක් - ඉදිරියට අනෝජන් සිවරාසාට මොකද වෙන්නේ - නීතිමය පටිපාටිය ගැන දන්වයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක් - ඉදිරියට අනෝජන් සිවරාසාට මොකද වෙන්නේ - නීතිමය පටිපාටිය ගැන දන්වයි

පැයට කිලෝමීටර් 140ක චණ්ඩ සුළං සහ මීටර් 4ක් උස දැවැන්ත රළ- බෙංගාල බොක්කේ දැවැන්ත අනතුර ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැයට කිලෝමීටර් 140ක චණ්ඩ සුළං සහ මීටර් 4ක් උස දැවැන්ත රළ- බෙංගාල බොක්කේ දැවැන්ත අනතුර ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්