ඩොලරයේ අගය අද වෙනස් වුණාද? වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ අද නිල අනුපාත මෙන්න
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය අද (27) මෙරට ප්රධාන වාණිජ බැංකු කිහිපයකම ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ.
සඳුදා පැවති අනුපාත සමඟ සැසඳීමේදී බොහෝ බැංකුවල ඩොලරයේ ගැණුම් සහ විකුණුම් අනුපාතවල වෙනසක් සිදුවී නොමැත.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.90ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 337.15ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.70ක් වන අතර, විකුණුම් මිල රුපියල් 336.70ක් ලෙස ස්ථාවරව පවතී.
මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 328.06 සිට රුපියල් 328.15 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 336.19 සිට රුපියල් 336.29 දක්වා ඉහළ ගොස් තිබේ.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 326.33ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 336.25ක් ලෙසත් වෙනසකින් තොරව පවතී.
සම්පත් බැංකුවේ ද ඩොලරයක ගැණුම් මිල රුපියල් 328.25ක් සහ විකුණුම් මිල රුපියල් 336.25ක් ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වේ.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං